සිංහල ටයිප් කිරීමේදි, ඔබට විවිධ ගැටළු මතු වන්නට ඇත. එම ගැටළු නිරකරණය කරගැනීමට විවිධ ආයතන සහ පුද්ගලයින් විසින් මෘදුකාංග කිහිපයක්ම නිර්මාණය කර ඇත. කොහොමවුණත්, සමහර වෙලවට එම මෘදුකාංග වැඩ කරන්නෙ නැතුව යන්න පුළුවන්. මටත් බොහෝ වෙලවට ඒ දේ වෙලා තියෙනවා.
ඒ ගැටළු ගොඩක් අවම කරගන්න මෙම ක්‍රමය බොහෝ උපකාරයක් වුණා. පළවෙනි සංස්කරණය වෙබ් සංස්කරණයක් වන අතර, එය භාවිත කළ අය එයට කැමැත්තක් පළ කළ...නමුත් ලොකුම ගැටළුව වුනේ අන්තර්ජාලය තිබීම අනිවර්ය වීම. එ ප්‍රශ්නෙ මග හරින්න අවශ්‍ය නිසා තමයි මේ මෘදුකාංගය නිර්මාණය කරන්න හිතුවෙ.
ඒ වගේම වෙනත් මෘදුකාංග භාවිතා කරා වුණත් ඒව Photoshop, Illustrator, Premiere Pro වැනි මෘදුකාංගවලට Support නොකරයි. ඔබ Graphic Designer කෙනෙක් හරි Video Editor කෙනෙක් හරිනම්, මෙය ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා.